2026-11-19 11:15:00 Hours
යාපනය ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය 200 සීමාව ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරනවා.
අද (19) උදෑසන නිකුත් කළ නවතම වාර්තාවට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළඟා වී තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන 7.05 වන විට බත්තරමුල්ලෙන් 179ක්, හලාවතින් 165ක්, කිලිනොච්චියෙන් සහ අනුරාධපුරයෙන් 158 බැගින් මෙන්ම ත්‍රිකුණාමලයෙන් 151ක් ලෙස වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී තිබුණා.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම ශ්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින් KN95 වර්ගයේ මුඛ ආවරණ පැළඳීමටත්, හැකි තරම් එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk