2026-11-10 12:34:00 Hours
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කළේ, ‘වතුර බිඳක් හෝ එපා’ යන ප්‍රකාශය සිදුකර බලයට පැමිණි පාර්ශ්වයක නියෝජිතයෙකු ලෙස නගරාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සැලකිය හැකිද යන්නයි.
පසුගියදා උත්සවයක් අමතමින් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ප්‍රකාශ කර තිබුණේ, ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණ වෙනුවෙන් තමන් ජීවිත පවා කැප කළ බවයි.
එමෙන්ම, දුක් විඳින අවසන් නගරාධිපතිවරුන්, ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් බවට වත්මන් ආණ්ඩුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙන්ම මැති ඇමතිවරුන්ද පත්විය යුතු බව ඔහු සඳහන් කර තිබුණා.
තවද, සෑම වසරකම දෙසැම්බර් මාසයේදී පෞද්ගලික ආයතනවලින් නගර සභාවට තෑගි පාර්සල් ලැබෙන නමුත්, මේ වන විට එවැනි තෑගි නොලැබෙන බවද නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලින් දෙසැම්බර් මාසයේදී නගර සභා සේවකයන්ට යම් දෙයක් ලබාදෙන්නේ නම් එය ලබාදෙන ලෙසත්, “අපිත් හොඳට කන බොන මිනිසුන්” බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk