2026-10-14 13:27 Hours

අනෝජන් සිවරාසාගේ දඩුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙනාටම ස්තුතියි - සජිත් ප්‍රේමදාස


...

සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම අහෝසි කිරීමට එරට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුට පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවයි.

අනෝජන් සිවරාසා මහතාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා කැපවූ ෆයිසර් මුස්තාෆා, උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමටත්, ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ඇතුළු ඊට දායක වූ සියලු දෙනාටත් ඔහු සිය ස්තූතිය පළ කර තිබෙනවා.

මෙම කටයුත්ත වෙනුවෙන් තමන් ඇතුළු පිරිසට කළ හැකි උපරිම දායකත්වය ලබාදුන් බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා, අනෝජන් සිවරාසා මහතාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳව අතිශය සතුටට පත්වන බව ද ප්‍රකාශ කළා.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් ගත් තීරණය වෙනුවෙන් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ එරට රජුට ද සිය ස්තූතිය පිරිනමන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk