2026-11-09 21:53:00 Hours
අනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබෙනවා.
අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්ම ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා.
සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස මීට පෙර අධිකරණය නිකුත් කළ තාවකාලික තහනම් නියෝගය ඉවත් කරන ලෙස උන්වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කර තිබුණා. එය සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නොතීසි නිකුත් කර ඇත්තේ.
එහිදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ, සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලිසෑ මළුවේ නොව දන්සැල් භූමියේ බවයි. එමගින් මහජනතාවට කිසිදු බාධාවක් සිදු නොවන බව ද ඔවුන් පවසා තිබෙනවා.
පසුගිය 7 වැනිදා පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන ඇත්තේ අධිකරණය නොමඟ යවමින් බවට ද නීතිඥවරුන් චෝදනා කර තිබුණා.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, සත්‍යග්‍රහය හේතුවෙන් මහජනතාවට පීඩාවක් සිදුවන බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි.
එමෙන්ම, අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගයට ද භික්ෂූන් වහන්සේලා අවනත වී නොමැති බව ඔහු පවසා තිබෙනවා.
අදාළ ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන හිමිවරුන්ට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව සඳහන්.
මීට පෙර නිකුත් කළ තාවකාලික තහනම් නියෝගයෙන් පුරාවිද්‍යා ස්මාරක හෝ වෙනත් දේපළවලට හානි නොකරන ලෙසත්, රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ ඉදිකර ඇති කූඩාරම් ඉවත් කරගන්නා ලෙසත් භික්ෂූන් වහන්සේලාට නියෝග කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk