2026-11-10 20:54:00 Hours

ගල් පෙරළීම් හේතුවෙන් කඩුගන්නාව මාර්ගය හෙට උදෑසන 6 දක්වා වසා දමයි


...

කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (11) උදෑසන 6 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ, මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අද (10) පස්වරුවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයේදී මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම් සිදුව තිබෙනවා.

එම ගල් පෙරළීම් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකටද හානි සිදුව ඇති බව සඳහන්.

මේ අතර, ආරක්ෂක පියවරක් ලෙස කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ග කොටස වසා දැමීමටද පොලීසිය පියවර ගෙන තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk