2026-11-10 11:24:00 Hours

රඹෑවේ බස් රථ අනතුරෙන් මියගිය ගණන ඉහළට


...

ඒ-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධිය ආසන්නයේදී මගී ප්‍රවාහන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අද (09) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක්.

පොලීසිය සඳහන් කළේ, පළමුව ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඇති අතර, අනතුරුව පෞද්ගලික බස් රථයද එම බස් රථවල ගැටී ඇති බවයි.

අනතුරින් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk