2026-11-06 20:00:00 Hours
ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඒ මහතා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරුකර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනා යටතේ එකම සැකකරුවෙකුට එරෙහිව එකම දිනයේ නඩු දෙකක් ගොනු කිරීමේ සිද්ධියක් මෙම කරුණු අතරට ඇතුළත්.
එහිදී අදාළ නඩු දෙකම එකම චෝදනා යටතේ ගොනු කර ඇති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, එය අත්වැරැද්දක් බවට පොලිසිය කරුණු දැක්වීමෙන් අනතුරුව එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී තිබුණා.
එමෙන්ම, නිකරුණේ අහිංසක ජනතාවට එරෙහිව නඩු පැවරීමෙන් වළකින ලෙස පොලිසියට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ සැකකරුට වන්දි ගෙවන ලෙසට ද නියෝග කර තිබුණා.
අනීතික ලෙස නඩු පැවරීම වැළැක්වීම සඳහා සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා.
කෙසේ වෙතත්, එම නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව බන්දුල ගුණරත්න මහතාගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව දැනුම් දී තිබුණා.
ඒ මහතා ඉදිරිපත් කළ නිරීක්ෂණ සලකා බැලීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ස්ථාන මාරුවීමට අදාළ ලිපිය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත්කර තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, ඒ මහතා ලබන සඳුදා (09) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
මින් පෙර ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරුවීමක් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබුණා.
ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා කෝසල සේනාධීර මහතා මෙලෙස නව මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk