2026-11-07 12:22 Hours

ගෙවුණු පැය 24 තුළදී වැඩිම වර්ෂාපතනය තිඹිරිගස්යායට


...

පසුගිය පැය 24 තුළ මෙරට වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට මිලිමීටර් 146.60ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ මට්ටක්කුලියෙන් මිලිමීටර් 125.50ක්, ගම්පහ අත්තනගල්ලෙන් මිලිමීටර් 117.60ක් සහ මහනුවර පස්බාගේ කෝරළයෙන් මිලිමීටර් 116.60ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කෑගල්ල අරණායක ප්‍රදේශයෙන් මිලිමීටර් 114.80ක් සහ කළුතර බුලත්සිංහල ප්‍රදේශයෙන් මිලිමීටර් 111.40ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ඉහළ යාමත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, - අනුරාධපුර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින්. - කුරුණෑගල දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 1 බැගින්. - මොනරාගල අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින්. - අනුරාධපුර කලා වැවේ වාන් දොරටු 2ක් අඩි 1 බැගින්. - හම්බන්තොට බදගිරිය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට යෝධ වැවේ වාන් දොරටු 2ක් අඟල් 9 බැගින් ද, බදුල්ල අඹේවෙල ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 1 බැගින් ද විවෘත කර ඇති බව සඳහන්.

රත්නපුර උඩවලව ජලාශයේ වාන් දොරටුවක් ද අඩි 1කින් විවෘත කර තිබෙනවා.

ඒ අනුව, ජලාශ ආශ්‍රිත පහත්බිම්වල සහ පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව ජල මට්ටම් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk