2026-11-10 09:59:00 Hours
රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විශේෂඥයින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය ගෙන ඇති යෝජනාව අගය කරන බවයි.
කෙසේ වෙතත්, නව පනත් කෙටුම්පත තුළ යහපත් ප්රවණතා පැවතියද විසඳිය යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.
පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුළුතර ප්‍රජාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය විවිධ හිංසනයන්ට ලක්වූ බවද එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, රඳවා තබා ගැනීමේ නියෝග කඩිනම් හා ඵලදායී අධිකරණ පාලනයකට යටත් කළ යුතු බවත්, ඒ සම්බන්ධ අභියාචනා විභාග කරන ස්වාධීන සමාලෝචන කමිටුව සැබෑ ලෙසම ස්වාධීන විය යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා.
ත්‍රස්තවාදය යන්නෙහි අර්ථ දැක්වීම හිතාමතා මරණය හෝ බරපතළ ශාරීරික හානි සිදුකරන ක්‍රියාවලට පමණක් සීමා කළ යුතු බවත්, දේපළවලට සිදුවන හානි ඊට ඇතුළත් නොකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk