2026-10-12 16:25:00 Hours

අශෝක් සජබ හැරයයි


...

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා තීරණය තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (12) දින සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික හේතුවක් මත බවත් නැවත ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු නොවන බවත්ය.

පක්ෂයේ තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළද, සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු ලෙස සහ ගරු විපක්ෂ නායකවරයාගේ වත්මන් සමීප සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන බවද ඔහු එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පක්ෂයේ සංවිධාන කටයුතු සහ පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් තමන්ගේ සහාය අඛණ්ඩව ලබාදෙන බවද අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk