2026-11-09 21:41 Hours

ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන ගෙනාවේ පවුලේ ව්‍යාපාරයට - නලීන් බණ්ඩාර


...

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බවට චෝදනා එල්ල වූ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රෆෝන 16ක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සිය පවුලට අයත් පෞද්ගලික ව්‍යාපාරයක අවශ්‍යතාවක් සඳහා මෙම උපකරණ මෙරටට රැගෙන ආ බවයි.

ඒ සඳහා අවශ්‍ය PRC අනුමැතිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය තමන් සතුව පැවති බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) නිසි අනුමැතිය ලබාගෙන නොතිබූ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

"අපේ පවුලේ ව්‍යාපාරයක් තියෙනවා පුතා සහ බිරිද අධ්‍යක්ෂක ධූරය දරණ කැමරා ඩ්‍රෝන් මේවා Rent කිරීම විකිණිම හා සම්බන්ධව ඉතින් මේ ව්‍යාපාරය පුතා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපාරයක්. ඉතින් මේකට ඩ්‍රෝන් සහ මයික්‍රොපෝන් වගයක් අරන් ආවා එනකොට කටුනායක ගුවන්තොටුපොළ හරහා.

ඒකට අවශ්‍ය TRC අනුමැතිය පුතාගේ සමාගම සතුව තියෙනවා. ඒ වගේම CIVIL AVIATION OF SRI LANDA අනුමැතියද තියෙනවා. මෙතන එකම ප්‍රශ්නය වුණේ MOD එකේ නිසි අනුමැතියක් තිබුණේ නැහැ.

මෙහිදී වැරදි මතයක් තියෙනවා අපි නිශ්කාෂණය නොකර ආවා වගේ මතයක් තියෙනවා. හොරබඩු ගෙනාවා වගේ කතාවක්.නිශ්කාෂණය කරපුවාම තමයි මේ නෝටීස් එක දෙන්නේ. නිශ්කාෂණය නොකර අපි මොනවා හරි භාණ්ඩයක් ගෙනාවනම් ඒකොල්ලෝ කෙලින්ම ඒවා රඳවා තබා ගන්නවා."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk