2026-11-10 15:09:00 Hours
මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදුකෙරෙන අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට නියමිතයි.
එමෙන්ම, පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගයද ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
දැනට පවතින තනි දුම්රිය මාර්ග හේතුවෙන් ඇති වී තිබෙන ධාරිතා සීමාවන් ඉවත් කරමින් දුම්රිය ජාලයේ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මේ අතර, 'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ ණය ආධාර යටතේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමටද නියමිතව තිබෙනවා.
එමඟින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීමට අපේක්ෂිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk