2026-11-08 16:07:00 Hours
හම්බන්තොට ඉදිකිරීමට යෝජිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ දැනට පවතින ගිවිසුම අවලංගු කර නව ආයෝජන යෝජනා කැඳවීමට සාකච්ඡා කමිටුවක් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද මෙම සාකච්ඡා කමිටුවේ සභාපතිත්වය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් දරනු ලබනවා.
සිනොපෙක් සමාගම ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් 10ක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම මෙම නිර්දේශයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එම ඉල්ලීම් අතර වසර 15ත් 25ත් අතර කාලයක් සඳහා බදු සහන ලබාගැනීම, අක්කර 700ක භූමි ප්‍රමාණයක් වසර 99ක බදු පදනම මත ලබාගැනීම සහ රජයට ගෙවිය යුතු සියයට එකක රාජ්‍ය භාගය ඉවත් කිරීම ඇතුළත් වනවා.
සිනොපෙක් සමාගම විසින් දේශීය ඉන්ධන වෙළෙඳපොළෙන් සියයට 40ක කොටසක් ලබාගැනීමට කළ ඉල්ලීම ද කමිටුව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
එමෙන්ම, ව්‍යාපෘතිය යටතේ ලැබෙන අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කිරීමේ කොන්දේසි සහ විදේශීය සේවකයන් සඳහා බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇති වී නැහැ.
මේ අතර, අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තවදුරටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ගිවිසුම අවලංගු කිරීමේ නිර්දේශය ක්‍රියාත්මක වුවහොත් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා නව ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ හැකියාව පවතිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk