2026-10-31 19:05:00 Hours

ඕනෑම සතුරු තර්ජනයකට මුහුණදීමට සූදානම් වෙන්න - ඉරාන උත්තරීතර නායක


...

ඕනෑම සතුරු තර්ජනයකට එරෙහිව භූගෝලීය සීමාවන් නොසලකා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි එරට සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉරාන රාජ්‍ය පුවත් සේවය වන IRNA වාර්තා කළේ, හමුදා ප්‍රධානීන් සහ උසස් නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී උත්තරීතර නායකයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

එහිදී රටේ ආරක්ෂාව සහ උපරිම සූදානම තහවුරු කරගැනීම සඳහා සතුරු තර්ජන හමුවේ දැඩිව හා නොපසුබටව ක්‍රියා කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, සතුරන් යළිත් හමුදාමය හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළහොත් එම ගැටුමේ අවසානය තීරණය කරන්නේ ඉරාන සන්නද්ධ හමුදා සහ ජනතාව බව ද මොජ්තාබා කමේනි ප්‍රකාශ කර ඇති බවයි IRNA පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk