2026-11-09 18:01:00 Hours

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් විභාගය අවසන් - තීන්දුව කථානායයකට සහ ජනපති වෙත


...

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අද (09) අවසන් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ විමර්ශනයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම ද අද අවසන් කෙරුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පනත් කෙටුම්පතට අදාළ වැදගත් සංශෝධන කිහිපයක් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, පනත් කෙටුම්පත යටතේ සැකකරුවෙකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කර ඇති බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, පච්ච සහ සලකුණු සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ඉවත් කිරීමටත්, බරපතළ අපරාධ නඩුවකට අදාළ කරුණු ප්‍රසිද්ධ කිරීමේදී අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට සඳහන් වගන්තිය ඉවත් කිරීමටත් පියවර ගෙන ඇති බවයි අධිකරණයට දැනුම් දී ඇත්තේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk