2026-11-14 08:41:00 Hours
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740ක්.
එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 2,720ක් වනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බවයි ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බවද සමාගම තහවුරු කර තිබෙනවා.
ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk