2026-11-20 21:11:00 Hours
දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යාම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම අධිකාරිය සඳහන් කරන්නේ යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවල මෙන්ම අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ, මහනුවර සහ හලාවත ආශ්රිත ප්‍රදේශවල ද වාතයේ අවලම්බිත ක්ෂුද්‍ර අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.
මෙරටින් බැහැරව සිට පැමිණෙන සුළං ධාරා මෙම තත්ත්වයට හේතු වී ඇති බවත්, ඒ අනුව මෙරට වායු තත්ත්ව දර්ශකයට අනුව සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් වාර්තා වන බවත් මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළද එම තත්ත්වය පැවතිය හැකි බවයි අධිකාරිය සඳහන් කරන්නේ.
එබැවින් සංවේදී පුද්ගලයන්ට N95 වැනි මුඛ ආවරණ පැළඳීමටත්, අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමටත් නිර්දේශ කර තිබෙනවා.
මෙවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් aq.cea.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ද මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
වායුගෝලයේ පවතින තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන බව ද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk