2026-11-20 10:53:00 Hours

අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහා නාහිමිවරුන් දැනුවත් කරයි


...

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්.

මෙහිදී අනුරාධපුර පූජාභූමියේ බෞද්ධ උරුමය ආරක්ෂා වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදුකිරීමේ වැදගත්කම මහා නාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම පූජාභූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගේ විරෝධතාවක් නොමැති බවයි.

මේ අතර, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පෙන්වා දී ඇත්තේ මෙවැනි සංවේදී කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා සහ එකඟතාව මත කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk