2026-11-20 12:09:00 Hours
2027 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) පස්වරු 6ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කළ අතර, ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට අද දක්වා දින 7ක් පැවැත්වුණා.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) ආරම්භ වී ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එහි ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk