2026-11-20 21:19:00 Hours
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසනවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි.
රජය විසින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය පසුගිය 9 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ සම්බන්ධයෙන් වන සිය රහසිගත නිගමනය කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව එහිදී දැනුම් දුන්නා.
පෙත්සම් විභාගය අතරතුර පනත් කෙටුම්පතේ මතභේදාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත සංශෝධන ද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk