2026-11-20 14:29:00 Hours
ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම ඊට බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවයි.
2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් කිරීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.
උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළ ඔහු, උද්ධමනය ඉහළ යාම රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල කරන බව සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk