2026-11-12 11:29:00 Hours

2027 අයවැය යෝජනාවලියට කැබිනට් අනුමැතිය


...

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය අද (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 අයවැය යෝජනාවලිය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk