2026-11-11 14:39 Hours

2027 අයවැයේ අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට


...

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කර තිබෙනවා.

එම අවස්ථාවට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද එක්ව සිටියා.

දිට්වා ව්‍යසනය සහ මැදපෙරදිග අර්බුදය වැනි අභ්‍යන්තර හා බාහිර අභියෝග හමුවේ වුවද, නිසි කළමනාකරණය සහ මූල්‍ය විනය හේතුවෙන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ප්‍රගතියක් අත්කර ගැනීමට රජය සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ආර්ථිකය ස්ථාවර කිරීමෙන් ඔබ්බට ගොස් ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් 2027 අයවැය ලේඛනය හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk