2026-11-11 15:15:00 Hours

බලංගොඩ කස්සප හිමිට වරෙන්තු


...

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ නඩුව අද (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඒ අනුව, උන්වහන්සේට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk