2026-11-13 09:37:00 Hours
ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3,000කට අධික තොගයක් රැගත් 'GAS GOODWILL' නෞකාව ඊයේ (12) මෙරටට පැමිණ තිබෙනවා.
ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම නිවේදනය කළේ, පසුගිය කාලයේ පැවති සැපයුම් බාධාවන් හේතුවෙන් අඩාල වූ ගෑස් සැපයුම මෙම නව තොගයත් සමඟ අදියරෙන් අදියර යළි ආරම්භ කරන බවයි.
නෞකාවෙන් ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව සිලින්ඩර පුරවා බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.
ඒ අනුව ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයන්ට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගෑස් ලබාගැනීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව සමාගම පවසනවා.
පසුගිය කාලයේ ගෑස් ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණදුන් අපහසුතා පිළිබඳව කනගාටුව පළ කරන සමාගමේ කළමනාකාරිත්වය, අලෙවිසැල් වෙත යාමට පෙර ළඟම ඇති බලයලත් අලෙවි නියෝජිතයා අමතා හෝ 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම ප්‍රදේශයේ ගෑස් තොග පවතින බව තහවුරු කරගන්නා ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk