2026-11-13 11:44:00 Hours

කස්සප හිමි භික්ෂුවක්දැයි සොයා පොලිස් විමර්ශන අරඹයි


...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ රාජාංගණයේ සද්ධාතිස්ස හිමියන් ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා වීඩියෝ දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන සිදුකළ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, කස්සප හිමියන් අධිකරණ නියෝග නොතකා කටයුතු කරමින් අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසිරී ඇති බවට ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

තවද, බලංගොඩ කස්සප නමින් පෙනී සිටින පුද්ගලයා සැබෑ ලෙසම භික්ෂූන් වහන්සේ නමක්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අනුරාධපුරයේදී අද (13) අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කස්සප හිමියන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මහේස්ත්‍රාත්වරයා ඊයේ රාත්‍රී 11.30ට පමණ රෝහලට ගොස් ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිසට භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ ගිහි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළත්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk