2026-11-13 15:03:00 Hours
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල වරායට රැගෙනවිත් තිබෙනවා.
‘යසිරු පුතා’ නමැති එම යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 50කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් පැකට් 52කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එම මත්ද්‍රව්‍ය තොගය ගෝනි හයක බහා තිබී ඇති අතර, නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදී ඒවා සොයාගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ මෙම යාත්‍රාව, එහි මත්ද්‍රව්‍ය පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව නොවැම්බර් 11 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහි සිටි සැකකරුවන් පස්දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මේ වන විට සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර සහ ප්‍රමාණය තහවුරු කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk