2026-10-09 08:28:00 Hours
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති බව සඳහන්.
පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් කටයුතු කර ඇති බැවින් කථානායකවරයා එම ධුරයට නුසුදුසු බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.
සමගි ජන බලවේගය විසින් මීට පෙර ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න සහ යෝජනා සාධාරණ හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවටද එම පක්ෂය චෝදනා කරනවා.
මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඊයේ (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වූ අතර, පළමු අත්සන විපක්ෂ නායකවරයා විසින් තබනු ලැබුවා.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk