2026-10-14 11:06:00 Hours
සෞදි අරාබියේදී ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
නියෝජ්ය අමාත්යවරයා සඳහන් කරන්නේ ඊයේ (13) මෙම තීරණය ගෙන ඇති අතර, ශ්රී ලංකා රජය අඛණ්ඩව සිදුකළ රාජ්යතාන්ත්රික හා නීතිමය මැදිහත්වීම්වල ප්රතිඵලයක් ලෙස එය සැලකිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් සහයෝගය ලබාදුන් සෞදි අරාබි රජයට ද ඔහු සිය කෘතඥතාව පළ කර ඇති බව සඳහන්.
එමෙන්ම, මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා කැපවූ ශ්රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ නිලධාරීන් මෙන්ම ශ්රී ලංකා හා සෞදි අරාබි නීති කණ්ඩායම්වල දායකත්වය ද නියෝජ්ය අමාත්යවරයා අගය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk