2026-10-06 10:30:00 Hours

අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්


...

අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ට්‍රම්ප් පවසන්නේ රුසියානු තෙල් පිරිපහදු කම්හල් වෙත යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර සහ අමෙරිකාවේ ඇතැම් තෙල් පිරිපහදු කම්හල් වසා දැමීම ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

සිය Truth Social ගිණුම ඔස්සේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින්, මේ වනවිට ඉන්ධන මිල ඉහළ යාමට පිරිපහදු කිරීමේ ධාරිතාව සම්බන්ධ ගැටලු වැඩි බලපෑමක් එල්ල කරන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk