2026-10-14 17:48:00 Hours
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී චීවරය දැරීමට පූර්ණ අවසර හිමිවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දැනුම්දෙන තෙක් එම අයිතිය පවතින බවයි අමාත්යවරයා සඳහන් කළේ.
බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කර ඇති නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඔහු මේ බව කියා සිටියා.
එම කමිටුවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කර 356 (අ) ලෙස හඳුන්වාදීමටත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නිර්දේශවලට අනුව බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කරන ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් ලබාදුන් බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
"බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කර 356 'අ' ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ඒ අනුව ක්රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට.
වෙනත් ආගමක පූජ්ය පක්ෂයේ කෙනෙකු සිරකරුවෙකු වුණොත්, මේ ප්රතිපාධන අදාළ ලෙස වෙනස්කරගමින් එයට අදාළ කරගත යුතු වෙනවා.
එමෙන්ම නිත්ය නියෝග 550 අලුතින් කොටසක් එකතුවෙලා සංශෝධනයක් එනවා.
ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා. එම අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු.
මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවත්, ලිපියත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා.
ඒ අනුව දැනට බලාත්මක නිත්ය නියෝග සංශෝධනය කර, නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk