2026-10-10 11:34:00 Hours
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින බව පැවසෙන අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
එහිදී තානාපතිවරයා අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ වත්මන් තත්ත්වය සහ සුබසාධනය පිළිබඳව සොයා බලා ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.
එම හමුවේදී අනෝජන් මුහුණ දී සිටින ගැටලු සහ ඔහුගේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ඔහුට අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය ලබාදීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව ද තානාපතිවරයා මෙහිදී යළිත් සහතික වී ඇති බව සඳහන්.
ඉදිරියේදී සෘජුව සම්බන්ධ වීම පහසු කිරීම සඳහා තානාපතිවරයාගේ පෞද්ගලික සම්බන්ධතා තොරතුරු ද අනෝජන් වෙත ලබාදී තිබෙනවා.
මෙම හමුවෙන් අනතුරුව අනෝජන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් තානාපති කාර්යාලය තහවුරු කළා.
තානාපතිවරයා මෙම සංචාරයේදී දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා සමඟ ද සාකච්ඡා කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk