2026-10-08 20:14:00 Hours
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (08) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ඒ අනුව පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය කුසල් මෙන්ඩිස්ගේ පළමු නායකත්ව වගකීම වනවා.
කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 19 වැනි නායකයා ලෙස ඉතිහාසයට එක්වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk