2026-10-13 09:28:00 Hours

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම් - ජනපති


...

ආර්ථික වර්ධනය සඳහා නව එකඟතාවකට එළඹීමට අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද (12) පැවති “ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026” අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය යටතේ තබා ගනිමින්, එහි කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම සමාගමේ කොටස් පෞද්ගලික ආයෝජකයෙකුට ලබාදීමටද රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

"අපි දැනට රේටින්ස්වලින් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕනි. අපේ විදෙස් සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟාවිය යුතුව තිබෙනවා.

මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන්නම් අපිට යා හැකියි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීර්ණ ණය වැඩසටහන ඒ අවුරුදු 4 ඉලක්කය වුණේ අපේ ස්ථාවරභාවය ළගාකර ගන්න එක.

මම හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළගා කරගෙන තියෙනවා සෑම අතින්ම. දැන් අපි ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි වර්ධනය අත්පත් කර ගන්නේ.ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්තියි"



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk