2026-10-04 11:20:00 Hours
සෞදි අරාබියේ ප්‍රධාන රාජ්‍ය තෙල් සමාගමක් වන සෞදි ඇරම්කෝ ආයතනයට අයත් තෙල් පිරිපහදුවක් ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යේමනයේ හූති සංවිධානය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් අනතුරුව අදාළ තෙල් පිරිපහදු පරිශ්‍රයෙන් විශාල ගිනි ජාලා සහ ඝන දුම් රොටු අහසට නැගී ඇති බවයි.
හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් මෙහෙයුම්වල නිරත වන බවද වාර්තා වනවා.
යේමනයේ සනා අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය විසින් එල්ල කළ බව කියන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකළ බව හූති සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk