2026-10-14 09:08:00 Hours
පාකිස්තානය සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, රාවල්පින්ඩිහිදී පැවැති තරගයේදී ලකුණු 169ක ජයග්රාහී ඉලක්කය පන්දුවාර 17යි පන්දු එකක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී පසුකර යමින්.
ශ්රී ලංකා ජයග්රහණයේ නියමුවා වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කළා.
ඔහුට අනගි සහායක් ලබාදුන් කමින්දු මෙන්ඩිස් පන්දු 27කදී නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, සිනෙත් ජයවර්ධන පන්දු 26කදී ලකුණු 38ක් රැස් කළා.
කුසල් සහ කමින්දු එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 98ක සබඳතාවක් ගොඩනඟමින් ශ්රී ලංකාව ජයග්රහණය කරා රැගෙන ගියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා.
පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී ලකුණු 76ක් ලබාගත් අතර, අරාෆත් මින්හාස් නොදැවී ලකුණු 34ක් රැස් කළා.
පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳහෙළුවා.
කෙසේ වෙතත්, පළමු තරග දෙකම ජයගත් පාකිස්තානය තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට සමත් වුණා.
මෙම තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණු අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමිවුණේ පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන්ටයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk