2026-10-12 09:09 Hours

ශ්‍රී ලංකාව පරදා පාකිස්තානය විස්සයි විස්ස තරගාවලිය ජය ගනී


...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 82කින් ජය ගැනීමත් සමඟයි.

රාවල්පින්ඩිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 215ක් රැස් කළා.

එහිදී මාස් සදකත් ලකුණු 96ක් සහ සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 73ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දසුන් ශානක, එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

ලකුණු 216ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ චමිදු වික්‍රමසිංහ ලකුණු 29ක් සහ සිනෙත් ජයවර්ධන ලකුණු 22ක් රැස් කළා.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් ඉම්රාන් කඩුලු 3ක් දවා ගත්තා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk