2026-10-14 11:22:00 Hours
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සඳහන් කරමින්, නිකවැරටිය ප්රදේශයේ ලේ වැගිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්ය සටහනක් පළ කළ 21 හැවිරිදි විශ්වවිද්යාල සිසුවකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අමාත්ය මණ්ඩල මාධ්ය ප්රකාශක, අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී සඳහන් කළේ, අදාළ සිසුවා නිකවැරටිය, කොටවෙහෙර පොලිස් වසමේ පදිංචිකරුවකු බවයි.
ඔක්තෝබර් 11 වැනිදා සමාජ මාධ්ය ඔස්සේ සටහනක් පළ කරමින් එදිනම නිකවැරටිය ප්රදේශය ‘ලේ විලක්’ බවට පත්වන බවට ඔහු සඳහන් කර ඇති බව අමාත්යවරයා ප්රකාශ කළා.
එම සටහනේ ලේ වැගිරීම් සහ කර්මය පිළිබඳව මෙන්ම ජනාධිපතිවරයා සහ කුරුණෑගල ප්රදේශයට සිදු විය හැකි සංචාරයක් සම්බන්ධයෙන් ද සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
මෙවැනි සමාජ මාධ්ය සටහන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අවශ්ය බව සඳහන් කළ අමාත්යවරයා, ඒ අනුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද කියා සිටියා.
අනතුරුව අදාළ සිසුවා නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk