2026-09-02 07:26:00 Hours
ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසුවුණා.
ජනප්‍රිය ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වන ප්‍රියංකර පෙරේරා මහතා ගීත රැසක් ගායනා කරමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිය දායකත්වය ලබාදී තිබෙනවා.
එමෙන්ම ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙසද ජනප්‍රියත්වයට පත්වුණා.
‘සුපුන් සඳක්’, ‘සඳුන් ගසේ සමන් වැලක්’, ‘සිකුරුලියා’ සහ ‘අගාධ සාගරයේ’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇති අතර, එම ගීත හරහා ඔහු රසික හදවත් තුළ නොමැකෙන මතකයක් සනිටුහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk