2026-10-14 10:28:00 Hours
සෞදි අරාබියේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් යේමනයේ හූති කැරලිකරුවන් මිසයිල ප්රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කළේ, සෞදි ආරක්ෂක අංශ විසින් එම මිසයිල කිහිපයක් ගුවනේදීම විනාශ කර ඇති බවයි.
එහිදී මිසයිල කොටස් පතිත වීමෙන් රියාද් නගරයේ පුද්ගලයින් සිව්දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ධහ්රාන් ප්රදේශයට ද මිසයිල කොටස් පතිත වී තිබෙනවා.
මේ අතර, සනා නගරයේ පිහිටි තෙල් ගබඩාවක් ආසන්න ප්රදේශයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස හූති පාර්ශ්වය සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk