2026-10-11 14:22:00 Hours
කිරින්ද වෙරළ තීරයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 345ක පමණ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බව කියන චරිත් සඳකලුම් හෙවත් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොලිසිය නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති මත පදනම්ව බල්ගේරියානු ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසිය විසින් තහවුරු කර ඇති අතර, සැකකරු උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළා.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු දීර්ඝ කාලයක් ඩුබායිහි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඔහු තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ද හඳුනාගෙන ඇති බව සඳහන්.
ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී සැකකරු බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවට ද වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk