2026-09-30 21:39 Hours

රනිල්ගේ ආරක්ෂකයෙකුට එල්ලවූ ප්‍රහාරය ගැන එජාපයෙන් නිවේදනයක්


...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ප්‍රහාරයක් එල්ල කළ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය අද (30) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ නිරතව සිටියදී ප්‍රහාරයට ලක්වූ ආරක්ෂක නිලධාරියා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

අද අධිකරණ කටයුත්තක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබූ අතර, ඉන් පිටව යන අවස්ථාවේ ඔහු අසල සිටි ආරක්ෂක නිලධාරියාට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

සිද්ධියෙන් පසුව එම ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබෙනවා.

මේ අතර, හිටපු ජනාධිපතිවරයා අධිකරණ භූමියට පැමිණෙන අවස්ථාවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් තහවුරු කර නොතිබීම හේතුවෙන් මෙම ප්‍රහාරයට ඉඩ සැලසුණේද යන්න පිළිබඳ ආරක්ෂක අංශ අතර කතාබහක් මතුව ඇති බවද එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එමෙන්ම, අදාළ කැමරා ශිල්පියා හරහා හිටපු ජනාධිපතිවරයාට කිසියම් අනතුරක් සිදුකිරීමේ පූර්ව සැලසුමක් තිබුණේද යන්න සම්බන්ධයෙන්ද සැකයක් මතුවන බව එම පක්ෂයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk