2026-07-22 21:54 Hours
ලොව ජනප්‍රියම YouTuber ලෙස සැලකෙන MrBeast ලෙස ප්‍රකට ජිමී ඩොනල්ඩ්සන් (Jimmy Donaldson) සිය දිගුකාලීන පෙම්වතිය වූ තියා බූයිසන් (Thea Booysen) සමඟ විවාහ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කැරිබියන් මුහුදේ පිහිටි ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්ගේ පෞද්ගලික දූපත වන Necker Island හිදී මෙම විවාහ උත්සවය ඉතා පෞද්ගලිකව පැවැත්වූ බවයි.
ඒ සඳහා දෙපාර්ශ්වයේ සමීප පවුලේ සාමාජිකයන් සහ මිතුරන් ඇතුළු අමුත්තන් 70 දෙනෙකු පමණ සහභාගී වී ඇති බව සඳහන්.
දකුණු අප්‍රිකාවේ content creator, gamer සහ ලේඛිකාවක් වන තියා බූයිසන් සහ MrBeast 2022 වසරේ සිට ආදර සම්බන්ධතාවයක නිරතව සිට ඇති අතර, 2024 නත්තල් දිනයේදී ඔවුන් විවාහ ගිවිසගෙන තිබෙනවා.
මීට පෙරද MrBeast සිය විවාහ උත්සවය මාධ්‍ය සංදර්ශනයක් ලෙස නොපවත්වා පෞද්ගලිකව සැමරීමට කැමැත්ත පළ කර තිබූ අතර, ඒ අනුව ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ උත්සවය සංවිධානය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk