2026-10-02 17:21:00 Hours

2027 එක්දින ලෝක කුසලානයේ කාලසටහන එළියට - ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරඟ බිමට


...

2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලානය 2027 ඔක්තෝබර් 2 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 14ක් සහභාගි වන තරගාවලියේ මූලික වටයේ තරග කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, එම කාණ්ඩයට බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයද ඇතුළත්.

එම කාණ්ඩයේ ඉතිරි ස්ථානය සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් තේරී පත්වන කණ්ඩායමකට හිමිවීමට නියමිතයි.

A කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ ඇතුළත් වන අතර, එහි ඉතිරි ස්ථානයද සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් තේරී පත්වන කණ්ඩායමකට හිමිවනු ඇති.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 17 වැනිදා කේප් ටවුන්හිදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 18 වැනිදා ට්ෂ්වානේහිදීත් පැවැත්වීමට නියමිතයි.

2027 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk