2026-10-11 08:24:00 Hours

අමෙරිකාවේ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු මරුට


...

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඊරි නගරයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් ගැබිනි කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන 45 හැවිරිදි පුද්ගලයා ද පසුව වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයන් අතර එකම පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු සහ එම පවුලේ හිතවත් කාන්තාවක් ද සිටින බව සඳහන්.

සැකකරු පළමුව නිවස තුළ සිටි පිරිසට වෙඩි තබා ඇති අතර, පසුව උපකාර ඉල්ලා අසල්වැසි නිවසක් දෙසට දිවගිය කාන්තාවන් දෙදෙනෙකුට ද නිවසින් පිටතදී වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

අනතුරුව සැකකරු යළි නිවස තුළට ගොස් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකානු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් රොබෝ යන්ත්‍රයක් යොදාගෙන නිවස පරීක්ෂා කිරීමෙන් පසු මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුගේ මානසික තත්ත්වය ඊට බලපාන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk