2026-10-08 13:38:00 Hours

ධනංජය ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි


...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ, ඉදිරි පරම්පරාවට නායකත්වය ලබාදීමට අවස්ථාව හිමිවිය යුතු බව තමන්ගේ අදහස බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර, ධනංජය ද සිල්වාගේ ඉදිරි ක්‍රිකට් දිවියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබ පැතුම් එක්කර ඇති අතර, ටෙස්ට් කණ්ඩායමට ලබාදුන් නායකත්වය වෙනුවෙන් ස්තූතිය පළකර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා සඳහන් කර ඇත්තේ, ධනංජය ද සිල්වා ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් කණ්ඩායමට දායක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk