2026-10-10 11:17:00 Hours

ළහිරුගේ ලකුණු 91 අපතේ යයි - පළමු විස්සයි විස්ස තරගයෙන් පාකිස්තානයට ජය


...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා.

රාවල්පිණ්ඩිහිදී ඊයේ (09) පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ළහිරු උදාර පන්දු 55කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 91ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමි වූ ඉලක්කය ලකුණු 183ක්.

එම ඉලක්කය හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk