2026-11-11 08:56:00 Hours
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.
2023 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඊට අදාළ ලේඛන සහ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නඩුව අද යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
ඒ අනුව නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk