2026-11-11 08:36:00 Hours
ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව – ගනේතැන්න අතර කොටස යළි විවෘත කර තිබෙනවා.
අදාළ මාර්ග කොටස ඊයේ (10) පස්වරුවේ සිට අද (11) පෙරවරු 6 දක්වා වසා තැබීමටයි පියවර ගෙන තිබුණේ.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කළේ, කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වූ බවයි.
මේ අතර, කඩුගන්නාව ආශ්රිත ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අද පැමිණීමට නියමිතයි.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
මේ අතර, අධික වර්ෂාපතනය හමුවේ නොරිස් ඇළ පිටාර ගැලීමෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.
නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ සඳහන් කළේ, නොරිස් ඇළ පිළිසකර කිරීමටත්, අවහිර වී ඇති කාණු පද්ධති පුළුල් කිරීමටත් පියවර ගනිමින් සිටින බවයි. ඒ සඳහා යුද හමුදාවේ සහායද ලබාගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk