2026-11-16 15:20:00 Hours

කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්


...

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව විභාග වන නඩුවකදී අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පසුගිය 11 වැනිදා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

අද ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්. සම්සුදීන් මහතා ඉදිරියේ පෙනී සිටි කස්සප හිමියන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර, අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් උන්වහන්සේ තනිවම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ බුද්ධ ශාසනය රැකීම සහ එහි චිරස්ථිතිය ආරක්ෂා කිරීම රජයේ මෙන්ම භික්ෂූන් වහන්සේලාගේද වගකීමක් බවයි.

ඒ වෙනුවෙන් තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ බැවින් අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණ බවද කස්සප හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් උන්වහන්සේ අද සිට හෙට (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර, යළි හෙට (17) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී ත්‍රිකුණාමලය වරාය පොලීසිය සාක්ෂි මෙහෙයවනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk